සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්  ඊයේ  (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා සමුද්‍රීය සහ සැපයුම් ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධනය පිළිබඳ සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රැසක් සමඟද කටයුතු කර තිබේ. ඒ මහතා ගරු පදනමින් මෙම නව තනතුරේ සේවයට එක්ව සිටී.

END/GONP/MMP/09012026

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed