අන්තවාදී, ජන සංහාරක ඊශ්‍රායල රජයක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි කිරීමට “එපා” කියන්න – අද !

“ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර කම්කරු ගිවිසුම් මෑතකදී පුළුල් කිරීම, ජනතා වරමක් මත තේරී පත් වූ වාමාංශික රජයක් විසින් ශ්‍රී ලාංකික ජනතාවට කරන ලද බරපතල පාවාදීමක් නියෝජනය කරයි.”

“පලස්තීනුවන් සමූහ අවතැන්වීම්, වර්ණභේදවාදය සහ ජන සංහාරයකට මුහුණ දෙන මොහොතක, කෙටි කාලීන ආර්ථික වාසි සඳහා සබඳතා ගැඹුරු කිරීමට තෝරා ගැනීම මූලික මානව වටිනාකම් සහ වාමාංශික මූලධර්මවල සම්මුතියකි.” යනුවෙන් පලස්තීනයේ නිදහස උදෙසා ව්‍යාපාරය සදහන් කරයි.

තවද, පීඩිත ජනතාව සමඟ සහයෝගීතාවය විකල්පයක් නොවන බවත්, එය යුක්තිය, ජාත්‍යන්තරවාදය සහ අව්‍යාජ වාම දේශපාලනයේ පදනමක් බවත් සදහන් කරන පලස්තීනයේ නිදහස උදෙසා ව්‍යාපාරය, ශ්‍රී ලංකාව කොන්ත්‍රාත්තු සඳහා තම හෘදය සාක්ෂිය හුවමාරු කර නොගත යුතු යැයි අවධාරණය කරයි.

මීට විරෝධතාව දක්වනු වස්, අද – 08 වෙනි දා උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය තුළ දී විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් පිටත දී විරෝධතාවක් පැවැත්වේ.

📍 ස්ථානය: විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් පිටත
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01
🗓 දිනය: 2026 ජනවාරි 8
⏰ වේලාව: 9.30 AM – 10.30 AM

END/MMP/08012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *