ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ රතු නිවේදන – හිරුණි ලක්ෂිකා

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන හෙට දහවල් 12 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑමේ රතු නිවේදනය බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කළේ.

මේ අතර ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධන වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් හෙට දිනයේ දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *