ජනවාරි 08 සිට වැස්සේ වර්ධනයක් ගැන දැනුම්දීමක්!!

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටියි.
නැගෙනහිර, මධ්යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකිය.  සෙසු ප්රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
END/MMP/06012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *