ඊමේල් පණිවිඩ ‍යවා ආයෝජන ලබාගත හැකි බව පවසා සිදු කළ කෝටි තුනක වංචාව ගැන විමර්ශන

අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ යොමු කර ආයෝජන ලබාගත හැකි බව පවසා පුද්ගලයන් සතු කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට නියෝග කළා.

සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් සඳහන් කර සිටියේ අන්තර්ජාලය ඔස්සේ ඊමේල් පණිවිඩ යොමුකර ආයෝජන අවස්ථාවන් යොදවා මුදල් උපයා ගත හැකි බව පවසා මෙම වංචාව සිදු කර ඇති බවයි.

පුද්ගලයන් රවටා මේ වන විට දෙකොටි හතළිස් දෙලක්ෂ පනස්දහක මුදලක් වංචා කර ඇති බව පරිගණක විමර්ශනය ඒකකය අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල වැඩිදුර විමර්ශනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *