තවලන්තැන්න රම්බොඩ වැවන්ඩන් මහා විද්‍යාලය වෙනත් ස්ථානයකට – හිරුණි ලක්ෂිකා

නායයෑමේ අවදානම් හේතුවෙන් මසකට අධික කාලයක් වසා දමා තිබූ කොත්මලේ තවලන්තැන්න රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය වෙනත් ස්ථානයක පවත්වාගෙන යෑමට බලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පාසල තාවකාලිකව පවත්වාගෙන යෑමටයි තීරණය කර ඇත්තේ.

මෙම පාසලේ පළමු වසරේ සිට 11 වසර දක්වා ළමුන් 143 දෙනෙකු සහ ආචාර්ය මණ්ඩලයේ 13 දෙනෙකුගෙන් සමන්විත වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *