2025 වසරේදී ඩෙංගු රෝගීන් 51, 438ක් -හිරුණි ලක්ෂිකා
මේ වසරේ ගතවූ දින 05 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 793 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එමෙන්ම පසුගිය වසරේදී ඩෙංගු රෝගය වැළදී 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කියා සිටියේ.
මේ අතර 2025 වසරේදී ඩෙංගු රෝගීන් 51, 438 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර වැඩිදුරටත් සදහන් කළේ.
එමෙන්ම පසුගියදා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව ඩෙංගු උණ රෝගීන්ගේ පැහැදිලි ඉහළ යාමක් මෙතෙක් නිරීක්ෂණය නොවන බවද ඇය ප්‍රකාශ කළා.
