ආපදාවෙන් වැඩිම බලපෑමට ලක්වූ බදුල්ලේ සියලු පාසල් හෙට විවෘත කෙරේ – නිෂිකා හංසනී

පළමු වාරය සඳහා හෙට (040 දිනයේ පාසල් ආරම්භ වන අවස්ථාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් විවෘත වන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පවසනවා.

පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ලවූ අතර, එහිදී පීඩාවට පත්වූ ඇතැම් ජනතාව රඳවා සිටියේ පාසල්වලයි.

කෙසේවෙතත් එම පාසල් ද හෙට දිනයේදී විවෘත වන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ පිහිටා ඇති පාසල් 1,507න් පාසල් 1,494ක් හෙට දිනයේ විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන් කර ඇති බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *