Starlink වෙනිසියුලාවට නොමිලේ – හිරුණි ලක්ෂිකා

වෙනිසියුලාවට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව එරටට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන තිබෙනවා.

X සටහනක් තබමින් ඊලෝන් මස්ක් සඳහන් කරන්නේ වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බවයි.

වෙනිසියුලාවේ අන්තර්ජාලයට රජයේ දැඩි රෙගුලාසි පැවතුණා.

කැරබියන් ගුවන් කලාපය වටා පනවා ඇති ගුවන් සීමාවන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජනපද ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි නිවේදනය කර ඇත්තේ මෙවැනි පසුබිමක් යටතේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ සම්බන්ධව ගුවන් සමාගම් දැනුවත් කර ඇති බවද ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *