ප්‍රසව හා නාරිවේද සේවාව වත්මන් සෞඛ්‍ය සේවාව නඟාසිටුවීමට බෙහෙවින් අත්‍යාවශ්‍යයි

ප්‍රසව හා නාරිවේද සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සේවාව වත්මන් සෞඛ්‍ය සේවාව නඟාසිටුවීමට බෙහෙවින් අත්‍යාවශ්‍යව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ (Perinatal Society of Sri Lanka) 25 වන සභාපතිවරිය ලෙස  මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදීය.

එම උත්සවය ඊයේ (02) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් (The Grand Maitland) හෝටලයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“පැවැත්මෙන් ඔබ්බට: දියුණු මාතෘ හා නවජ සත්කාර සමඟ සමෘද්ධිමත් වීම” “Beyond Survival: Thriving with Advanced Maternal and Neonatal Care” යන්න තේමා කර ගනිමින් උත්සව අවස්ථාව පැවැත්විණි.

රට පුරා මාතෘ හා ප්‍රසව සත්කාර ප්‍රමිතීන් තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, මව්වරුන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සහ අනාගත පරම්පරාවන් සඳහා ඔරොත්තු දෙන සහ සාධාරණ සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ කැපවීමේහි ඇති වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

පරිණාමය වෙමින් පවතින සෞඛ්‍ය සේවාව තුළ අභියෝග මධ්‍යයේ වුවද, මාතෘ සහ ප්‍රසව සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සඳහා  ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමය සිදුකරන සාමූහික කැපවීම ඉතා  උපකාරී වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ හිටපු සභාපති වෛද්‍ය හරේන්ද්‍ර දිසානායක,  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) ඇතුළු ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ සාමාජික වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/03012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed