අඹතලේ ප්‍රධාන නලයක හදිසි බිඳවැටීමක්: ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි – හිරුණි ලක්ෂිකා

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොලොන්නාව යන ප්‍රදේශ සඳහායි මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ.

එසේ වුවද, අඩු පීඩන තත්ත්වය යටතේ බත්තරමුල්ල ප්‍රදේශයේ ජල සැපයුම සිදුවනවා.

අද (03) මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම ලබා දීමට අපේක්ෂා කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed