පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි – අධිකරණ අමාත්‍ය

සංවිධානාත්මක අපරාධ කල්ලි කවුරුන් ආරම්භ කළද එය අවසන් කරන්නේ වත්මන් රජය බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස රස පරීක්ෂක වාර්තා මාස තුනක් තුළ ලබාදීමට හැකි වැඩපිළිවෙළක් සහ ප්‍රජා විශෝධනයට යොමු කිරීම වැඩි කිරීම සදහා ප්‍රජා විශෝධන නව පනතක් ඉදිරියේදී ගෙන එන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එසේම බන්ධනාගාර නිලධාරීන්ගේ ගැටලු වත්මන් රජය අවබෝධ කර ගෙන තිබෙන බවත්,ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය පෙනී සිටින බැවින් කැපවීමෙන් රාජකාරි කටයුතු සිදු කරන ලෙසත් අමාත්‍යවරයා එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

රජය , බන්ධනාගාර ආයතන සඳහා රුපියල් මිලියන 913.60 ක් වටිනා වෑන් රථ 10 ක් , ට්‍රැක්ටර් 03 ක් සහ රුපියල් මිලියන 104.30 ක් වටිනා ලැප්ටොප් හා පරිගණක වෙන්කර ඇති අතර එම භාණ්ඩ සංකේතාත්මකව බෙදා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවයේදී සිදු කෙරිණි.

තවද බස් රථ 40 ක්, ගලි බවුසර් 5 ක් ඉදිරියේදී ලබාදීමට නියමිතව තිබේ.

END/GONP/MMP/02012026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *