කිරිබත්ගොඩ ගින්න නිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියැදුරන්ට දැනුම්දීමක් – හිරුණි ලක්ෂිකා

කිරිබත්ගොඩ නගරයේ වෙළඳසලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රි‍යැදුරන්ට උපදෙස් ලබාදෙන බවයි පොලිසිය පවසන්නේ.

කිරිබත්ගොඩ සපත්තු අලෙවිසැලක මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 5 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *