රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක – පහන් සිතුමිණ

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරුන් හා මහාචාර්යවරුන් අද (30) සියලුම කටයුතුවලින් ඉවත් වී වැඩවර්ජනයක නිරත වී තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යය සංගමයේ සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා පවසා සිටියේ, විශ්වවිද්‍යාල පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යොමුකර ඇති මොහොතක, එය සම්මත වීමට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්සම් සභාවේ අනුමැතිය ඊට ලැබීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වීමට තීරණය කළ බවය.

එලෙසම මහාචාර්යවරයා පවසන්නේ, එම පනත සම්මත වීමෙන් පසු ක්‍රියාවට නැංවීම සිදුකළද, ඊට පෙර ක්‍රියාවට නැංවීම විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමක් වන බවය.

මෙම වර්ජනය සඳහා සියලුම විශ්වවිද්‍යාල සහයෝගය දක්වන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *