රට පුරා විදුලි රථවාහන ආරෝපණ මධ්‍යස්ථාන(Charging Point) සවි කිරීමට ඇමති විජිත හේරත්ගෙන් චීනයට යෝජනාවක්

චීනය ඇතුළු ගෝලීය රථවාහන වෙළඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදුලි රථවාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති පසුබිමක, රට පුරා විදුලි රථ සඳහා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Points) චීන පරිත්‍යාගයක් ලෙස ස්ථාපනය කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කර ඇත.

ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථද වැඩි වශයෙන් මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින්, මෙවැනි ආරෝපණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය හා වැදගත් පියවරක් බවද අමාත්‍යතුමා සඳහන් කළේ ය.

අමාත්‍ය විජිත හේරත් මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ ඊයේ 29 දා පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා සමඟ පැවති හමුවේ දී ය. එහිදී මෙම යෝජනාව ධනාත්මක ලෙස පිළිගත් චීන තානාපතිවරයා, ඒ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළේ ය.

එමෙන්ම, දැනට පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චීන රජයේ සහය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටියේ ය. එම ඉල්ලීම් පිළිබඳව වහාම චීන රජයේ අවධානය යොමු කරවීමට ද තානාපතිවරයා එකඟ වූ බව සඳහන් ය.

මීට අමතරව, දිත්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා හානි සම්බන්ධයෙන් තක්සේරු කර, විවිධ අංශවලින් චීන රජය ලබා දිය හැකි සහාය පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද චීන තානාපති කී. සෙන්හොංග් මහතා ප්‍රකාශ කළේ ය.

END/GONP/MMP/29122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *