ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදන 07ක් හෙට (30) එළිදැක්වේ!

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 2025 වර්ෂයේ හදුනාගත් නව නිෂ්පාදන 07ක් එළි දැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) පෙරවරු 10.00 ට නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් කුබ්ජ ප්‍රසාරණී තෛලයබලා කෝරණ්ඩ තෛලයපංචවල්කල චූර්ණයසංස්ථා බෝන් මැරෝ පත්තුව යන ඖෂධීය නිෂ්පාදනයන් හා පිණ්ඩ බාම්රත්හදුන් බොඩිවොෂ් පංචවල්කල ෂැම්පූ යන ශාකසාර නිෂ්පාදන මෙලෙස හෙට දිනයේ දී එළිදක්වනු ලැබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලියේ දී රාජ්‍ය අංශය ප්‍රමුඛව කටයුතු කරන අතර, 2024 වර්ෂයේදී රාජ්‍ය අංශය විසින් සිදුකරන ලද මිල දී ගැනීම් පදනම් කරගෙන එම ආයතන ඇගයීම ද මෙයට සමගාමීව සිදුකිරීමට නියමිතය.

වර්තමානය වනවිට නිෂ්පාදන 194 ක් සහ නිෂ්පාදන ඒකක 450 පමණ සිදුකරමින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කටයුතු කරනු ලබයි.

වසර 56 කට අධික කාලයක සිට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ආයුර්වේද ඖෂධ සහ ශාකසාර නිෂ්පාදන සිදුකර දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්, ආයුර්වේද බෙහෙත් ශාලා,ආයුර්වේද වෛද්‍යවරුන් සහ ජනතාව වෙත බෙදාහරිමින් ජාතික සුව සේවාවක නිරතවේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ගීතාමනී සී කරුණාරත්න, කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ජේ මාරසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවල නිළධාරීන්, දේශීය ආයුර්වේද විශ්ව විද්‍යාලයන්හි ආයුර්වේද වෛද්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපතිවරුන් ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් ද  සහභාගී වීමට නියමිතය.

END/GONP/MMP/29122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed