හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් – පහන් සිතුමිණ

හොරණ, වවුලගල ප්‍රදේශයේ පවත්වාගෙන යන ටයර් කර්මාන්ත ශාලාවක අද (29) උදෑසන ගින්නක් හටගෙන ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

අද (29) පෙරවරු 7. 30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර හොරණ නගර සභාවට අයත් ගිනි නිවන රථ, ජල බවුසර් සහ ගිලන් රථ දෙකක් එම ස්ථානයට ගොස් ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ කිසිවකුත් සිට නොමැති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටත් වාර්තා වුණා.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *