හලාවත සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය හෙට සිට යළි ඇරඹේ
අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය හෙට (29) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
නොවැම්බර් මස අගභාගයේදී බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර කඩුපිටි ඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම නිසා මෙම මාර්ගයේ ධාවන කටයුතු ඇණහිට තිබුණා.
ඒ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ දුම්රිය කට්ටල 05ක් ද සිරවී තිබූ අතර, මෙතෙක් දුම්රිය ධාවනය නාත්තන්ඩිය දක්වා පමණක් සීමා කෙරුණා.
මේ වන විට අදාළ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ඒ අනුව හෙට සිට හලාවතින් පිටත්ව කොළඹ කොටුව දක්වා ධාවනය වන ප්‍රධාන කාර්යාල දුම්රිය කිහිපයක වේලාවන් පහත පරිදි වේ.
පෙ.ව. 04.20 ට පිටත්ව පෙ.ව. 07.05 ට ළඟා වේ.
පෙ.ව. 04.50 ට පිටත්ව පෙ.ව. 07.40 ට ළඟා වේ.
පෙ.ව. 05.30 ට පිටත්ව පෙ.ව. 07.30 ට ළඟා වේ.
පෙ.ව. 05.50 ට පිටත්ව පෙ.ව. 08.20 ට ළඟා වේ.
පෙ.ව. 06.10 ට පිටත්ව පෙ.ව. 09.00 ට ළඟා වේ.
කොළඹ කොටුව සිට හලාවත දක්වා: සවස් කාලයේ ප.ව. 04.30, ප.ව. 04.45, ප.ව. 05.18, ප.ව. 06.10 සහ ප.ව. 07.10 යන වේලාවන්හිදී කොළඹ කොටුවෙන් පිටත් වන දුම්රියන් සාමාන්‍ය පරිදි හලාවත දක්වා ධාවනය කෙරේ.
මීට අමතරව කොළඹ කොටුව සහ මීගමුව අතර කාර්යාල දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි වෙනුවෙන් ගමනාගමන අධිකාරි G.D.A සමරසිංහ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
