ගිනිඅවියක් සමග අයෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් එහි පතරොම් ගැබක් සහ ටී 56 පතරොම් 25ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බවයි පොලිසිය පවසන්නේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු (43) හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
