හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි – පහන් සිතුමිණ

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට 92 වැනි වියෙහි පසුවුණා.

ඇය දශක අටකට වැඩි කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායනයට සහ සංගීතයට කළ මෙහෙවර අතිමහත්.

“හෙළයේ ගීත කෝකිලාව” ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල චිත්‍රපට 600 කට අධික සංඛ්‍යාවකට සිය හඬ දායකත්වය ලබා දී ඇති ඇය, මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.

දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඇය, ගායන ලොව තුළ නොමැකෙන චරිතයක් වන අතර, ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed