දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62 කට පත්වීම් – නිෂිකා හංසනී

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (29) පෙරවරු 10.00 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසනවා.
මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් මෙරට හා විදේශීය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන්හි වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරුවන් බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එම අධ්‍යයන කටයුතුවලින් පසු මෙම දන්ත වෛද්‍යවරු දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්, පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවක් ද නිමකර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම පත්වීම් ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දෙන අතර උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව දුෂ්කර ප්‍රදේශවල ස්ථාපිත රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය සදහා මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීමටයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *