මහනුවර පිළිකා සංගමය වෙත ඉන්දියන් රජයෙන් පරිත්‍යාගයක්!

පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර ලබන රෝගීන්ගේ පරිහරණය සඳහා රුපියල් ලක්ෂ 05කට වැඩි වටිනකමින් යුක්ත ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් මහනුවර පිළිකා සංගමය වෙත ප්‍රදානය කිරීම පසුගියදා (24) සිදුවිය.

ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සාරාන්‍ය වී.එස්. මහත්මිය විසින් එම සංගමයේ සභාපති මොහාන් සමරකොන් මහතා වෙත එම ද්‍රව්‍ය භාර දීම සිදුවිය.
පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ, රෝගීන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය පැළදුම් සහ වියළි සලාකවලින් මෙම ප්‍රදානයන් සමන්විත විය.

END/GONP/MMP/27122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *