මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද 7ක් අත්අඩංගුවට – සුමිත් රණවක

මුදල් ඔට්ටුවට යතුරු පැදි රේස් පැද්ද තරුණයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, එගොඩ උයන සහ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස 18,19,20, 21 සහ 22 හැවිරිදි තරුණයන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් රාත්‍රි කාලයට පැරණි ගාලු පාරේ යතුරු පැදි රේස් පවත්වන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද පණිවිඩ මත පානදුර පැරණි ගාලුපාරේ ජුබිලි හන්දියේ සහ අවට තැන තැන මාර්ග බාධක යොදා කළ වැටලීමකදී යතුරු පැදි 4 ක් සහ තරුණයන් 7 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

යතුරුපැදිවල සයිලන්සර් කපා හැඩ වෙනස් කර තිබූ බවත් ඒවා යතුරුපැදි රේස්වලදී හදුනාගැනීමට අංක කර තිබූ බවත් පොලිසිය සදහන් කරනවා.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *