කුඹුරුවලට වන්දි මුදල් ලැබී නැතැයි ගොවීන්ගෙන් චෝදනා – හිරුණි ලක්ෂිකා

ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ කුඹුරු සඳහා තවමත් වන්දි මුදල් ලැබී නොමැති බවට දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියගම හා මුරුතගස්පිටිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සඳහා දේශපාලන මැදිහත් වීම් මත නුසුදුසු පුද්ගලයින්ට වන්දි ලබාදී ඇති බවයි ගොවීන් චෝදනා කළේ.

අනතුරුව ගොවීන් දෙහිඅත්තකණ්ඩිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහායි.

කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා කොමසාරිස් අරුණ වීරකෝන් ප්‍රකාශ කළේ ගංවතුර හේතුවෙන් කුඹුරු විනාශ වූ ගොවීන් 4,620 කට රජය මගින් රුපියල් මිලියන 471ක වන්දි ලබාදී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *