One Million Volunteers වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයට
One Million Volunteers වැඩසටහන යටතේ අද (27) සහ හෙට (28) ස්වේච්ඡා තරුණ තරුණියන් 1000කට ආසන්න ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාව සිදුකරන One Million Volunteers වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (26) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම දින දෙක තුළ දී ආපදාවට ලක්ව ඇති පාසල් අලුත්වැඩියා කිරීම, වාරි පද්ධති හා මාර්ග පිරිසිදු කිරීම, සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට රස වින්දන වැඩසටහන් සිදු කිරීම, සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින ජනතාවට හා දරුවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදු කිරීමට නියමිතව ඇත.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තරුණ සේවා සභාවේ සභාපති/ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ, හලාවත ප්‍රදේශයේ ශ්‍රම මෙහෙයුමක් සිදු කරමින් පසුගියදා ආරම්භ කළ One Million Volunteers වැඩසටහනේ දෙවන වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ දී සිදු කිරීමට නියමිත බවයි.
එමෙන්ම One Million Volunteers වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවත්, ඒ අනුව volunteer.nysc.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
