හග්ගල උද්භිද උද්‍යානය සංචාරකයින් සඳහා යළි විවෘත කෙරේ!

පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත හා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය ක්‍රියාත්මක කළ කඩිනම් වැඩපිළිවෙලට අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දුන් අදාළ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින්, දෙසැම්බර් 25 දා සිට හග්ගල ජාතික උද්භිද උද්‍යානය නැවත දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරනු ලැබුණි.

උද්‍යානය තුළ භූමියේ අනතුරුදායක ලක්ෂණ මතුවී ඇති ස්ථාන වන පිවිසුම් ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ එම ලක්ෂණ දක්නට ලැබුණු වනෝද්‍යානය වෙත යන මාර්ගය, අනතුරුදායක බව දක්වන පුවරු ස්ථාපිත කර තාවකාලිකව සංචාරකයන්ට පිවිසීම සීමා කර තිබේ. එසේම, සංචාරකයින්ගේ ආරක්ෂාව සහ පහසුව උදෙසා උද්භිද උද්‍යාන කාර්යමණ්ඩලය විසින් විශේෂ සංවිධානමය වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.

රට පුරා පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උද්භව වූ ආපදා තත්ත්වය මත වසා දමා තිබූ හක්ගල ජාතික උද්භිද උද්‍යානය කඩිනමින් නැවත විවෘත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස, පසුගිය 12 වැනි දින පරිසර අමාත්‍යතුමාගේ උපදෙස් අනුව, ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා උද්‍යානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක ද සහභාගී විය.

එම නිරීක්ෂණයේදී ප්‍රදේශයේ පවතින නායයෑම් අවදානම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, භූ ස්ථාවර කිරීම සඳහා කෙටි කාලීන හා දිගු කාලීන පියවර ගන්නා ආකාරය පිළිබඳ අදාළ උපදෙස් හා සැලසුම් උද්භිද උද්‍යානයේ නිළධාරීන් වෙත ලබා දෙන ලදී.

ඒ අනුව, ඉතා කෙටි කාලයක් තුළ හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළිත් ආරක්ෂිතව දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවී ඇත.

END/GONP/MMP/27122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed