යාල් දේවි හෙට සිට යළි ගමන් අරඹයි – නිශිකා හංසනී

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර යාල්දේවී දුම්රිය හෙට සිට ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.40ට පිටත්ව කන්කසන්තුරය දුම්රිය ස්ථානයට පස්වරු පස්වරු 2.32ට ළගාවීමට නියමිතයි.

එමෙන්ම කන්කසන්තුරයෙන් පිටත්වන දුම්රිය පෙරවරු 10.30ට ආරම්භවී පස්වරු 6.54ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවද දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *