ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි

වත්මන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් (Career Diplomats) 30 දෙනෙකු පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රටවල් අවම වශයෙන් 29ක සේවය කරන තානාපතිවරුන් ඇතුළු දූත මණ්ඩල ප්‍රධානීන්ට ඔවුන්ගේ සේවා කාලය එළඹෙන ජනවාරි මාසයෙන් අවසන් වන බව දැනුම් දී ඇති බවත්, ම නිලධාරීන් සියලු දෙනා ජෝ බයිඩන් පාලන සමයේදී පත්වීම් ලැබූවන් වන අතර, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදී දේශපාලන පත්වීම්ලාභීන් ඉවත් කළ අවස්ථාවේ මොවුන් සිය තනතුරුවල රැඳී සිටීමට සමත් වූ බවයි එම විදෙස් වාර්තාවේ සඳහන්.

 

 

පසුගිය බදාදා දිනයේ සිට වොෂින්ටන් බලධාරීන් විසින් අදාළ නිලධාරීන්ට මෙම ඉවත් කිරීම් පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed