ජලාශවල වාන් දැමීම අඩුවෙමින් පවතියි – ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක
ජලාශවල වාන් දැමීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.
අධ්‍යක්ෂකවරයා , අද (21) මාධ්‍ය වෙත මේ බව පැවසුවේය.
මේ වනවිට මාඳුරු ඔය, කන්ඩලම , කලා වැව ජලාශවල සාමාන්‍ය වාන් දැමීමක් සිදු වන බවත් එම නිදහස් කරන ජලය හේතුවෙන් ප්‍රදේශවාසීන්ට කිසිදු හානියක් සිදු නොවන බවද අවධාරණ කළේය.
වික්ටෝරියා , රන්දෙනිගල , රන්ටැඹේ ජලාශ වල ඉඳහිට වාන් දැමීමක් සිදු වන බවත් මහවැලි ගඟට මෙම ජලාශ හරහා වතුර නිදහස් කරන බවත් මෙම නිදහස් කිරීම හේතුවෙන් විශේෂයෙන් මනම්පිටිය ගමනාගමනයට අවහිරතාවක් සිදු නොවන බවද කිය.
මහවැලි අධිකාරිය සතුව ප්‍රධාන ජලාශ 20ක් පමණ ඇති බවත් එයින් ජලාශ 12ක වාන් දැම්ම සිදු වන බවත් උල්හිටිය සහ මොරගහකන්ද ජලාශයේද ජලය අඩු කිරීමක් සිදු කරන බවද සඳහන් කළේය.
