දිවයින පුරා විශේෂ මෙහෙයුම් – පුද්ගලයින් 29,531ක් පරීක්ෂාවට

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 29,531දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 610දෙනෙකු සහ වරෙන්තුකරුවන් 274දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 43දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Copied: https://sinhala.adaderana.lk/news/218573

END/AD/MMP/19122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *