මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව විමසිල්ලෙන් සිටින්න!!

රූපවාහිනි පුවත්වලට අනුව,
ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
ඒ් මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්රදේශවලට ඊයේ රාත්රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශ වලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්.
මහවැලි ගඟ ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින බවද වාර්තා වනවා.
එම අවදානම කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් ප්රදේශවල විශේෂයෙන්ම පවතියි.
END/MMP/18122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *