මිහින්තලේ ‘අඹබෝ’ මරණයට ඇල්ලූ තිදෙනා අද අධිකරණයට – ඉන්දික රංගජීව
මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී ‘අඹබෝ’ නැමති වන අලියාට ගිනිතබා අමානුෂික ලෙස මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ, වයස අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල පසුවන තිදෙනෙක්.
වෙඩි වැදීමට ලක්ව ඉදිරි පාදයේ තුවාල සහිතව ආහාර ගැනීමට අපහසුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් වැටී සිටි මෙම වන අලියාට කිසියම් පිරිසක් පසුගියදා ගිනි පන්දම් දල්වා පුළුස්සන බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධයේ සංසරණය වී තිබුණා.
පසුව වනජීවී නිලධාරින් විසින් දින කිහිපයක සිට ප්‍රතිකාර කළද අවාසනාවන්ත අයුරින් වනඅලියා ජීවිතක්ෂයට පත් වූ අතර, ඊයේ දින අවසන් කටයුතුද සිදු කෙරුණා.
