ප්‍රජාශක්ති බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාතර සහ මොණරාගල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ!
‘ප්‍රජාශක්ති’ දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් මේ මස 16 සහ 17 දෙදින දී රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී පැවැත්විණි.
සෑම ගමකම ප්‍රජා සංවර්ධන සභා ස්ථාපිත කරමින් මේ වන විට ‘ප්‍රජාශක්ති’ වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් වෙත පැවරී තිබේ.
මාතර සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය නිලධාරීන් මෙම වැඩසටහන සඳහා එක්ව සිටින අතර ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් විසින් දැන සිටිය යුතු කරුණු, ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීම සහ ප්‍රජා සවිබලගැන්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් වශයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් දැනුවත් කෙරේ.
ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන ලංකාවේ පළාත් 09හිම ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ වන විට පළාත් 8ක නිලධාරීන් පුහුණු කර අවසන් කර ඇත.
