ආපදා – වග කිව යුත්තන් කවුද ? චාන්දනී දිසානායක

 

 

ආපදා තත්ත්වයට පාරිසරික හානි බලපාන්නේ කොහොමද ? ඒ තත්ත්වයන් මුදවා ගන්න කෙසේ මැදිහත් විය යුතුද ? මේවාට වග කිව යුත්තන් කවුද ?

යන ප්‍රශ්න හමුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූ රූප විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා සමග කළ සාකච්ඡාව.

පසුගිය නොවැම්බර් 25 සිට දෙසැම්බර් දෙවනිදා වගේ කාලය දක්වා ඇතිවූ ආපදා තත්ත්වයත් එක්ක ලංකාවේ පහත් බිම් සියල්ල ජලයට යට වුණා . ඒ විතරක් නොව , කඳු කඩා වැටෙමින් විශාල හානියක් රට පුරා සිද්ධ වුණා . මේ සියල්ල පදනම් කරගෙන කතා කළොත් ,

ලංකාවේ මුහුදට වැටෙන ගංගා සහ ඔය පාරවල් එකසිය තුනක් තියෙනවා කියලා බොහෝ දුරට පොතපත වලත් සඳහන් වෙලා තියෙනවා . ඒ ආචාර්ය ආරුගම් පවසා ඇති පරිදි . නමුත් ,

මම කොවිඩ් කාලෙදි ලංකාව වටේම දියපහරවල් ගංගා ඇළ දොළ සියල්ලක් මුහුදට වැටෙන මෝය කටවල් පිළිබඳව පර්යේෂණයක් කළා . ඇත්ත වශයෙන්ම මුහුදට වැටෙන මෝය කටවල් 431 ක් තියෙනවා .අපි මේ මෝය කටවල් කලාප අටකට බෙදු වා .දැන් ඒ කටවල් හොයා ගන්නවත් බෑ. මුළු ලංකාවම එකම ජල තලයක් විදිහටයි තිබුණේ . දින කිහිපයකට පසුවයි මෝය කට නැවත පෑදුණේ. ආපදාව කොයිතරම් රෞද්‍ර ද කියලා හිතාගන්න පුළුවන්ද ?

මේ වෙද්දි මුළු රටේම පුංචි පුංචි කඳු පවා නාය ගිහින් . ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හැමෝම දැනුවත් කළා , නායමේ නිවේදන නිකුත් කළා. මේ අධික වර්ෂාවත් එක්ක නිතරම සිදුවන දෙයක් තමයි නාය යෑම . කුඩා කඳු ගැට දිය වෙලා ඒවා නාය ගියා .මේවට වග කියන්න ඕනේ 1978න් පස්සේ ගල් වලවල් බොරළු වැලි කැණීම් කළ අය .

කුඩා කුඩා ජල විදුලි බලාගාර කඳු සිදුරු කරමින් බටලයින් යොදමින් ඉදිකළා මේවා ඔක්කොම තම තමන්ගේ හිතවත් අයට පෞද්ගලික අයටයි දීලා කරගෙන ගියා . වැව්වල හෝටල් ගැහුවා මේවා ජාතික අපරාධ .

1980 ගණන්වලින් පස්සේ අහස උසට බිල්ඩින් හදන්න පටන් ගත්තා . කොළඹට උහුලන්න බැරි තරම් බිල්ඩීන් හදලා මේක කොළඹට දැන් දරන්න බැරි බරක්. කඳු ගැටවල පන්සල් හදන්න පටන් ගත්තා. ඒවායෙහි ප්‍රතිඵල ලැබෙන්න වැඩි ඈතක් නැහැ . මොකද ගල් තලාව සහ පස අතර තියෙන සමතුලිතතාවය බිඳුනාම පස් කඳු නාය යනවා .

අපි කුඩා කාලයේ තිබුණු පරිසරය පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඕනෑම කෙනෙකුට තිබුණා. නමුත් පාරිසරික බලපෑමොත් එක්ක කාලයත් සමඟ මේ සියල්ල වෙනස් වෙලා. 1965 හැත්තෑව කාලයෙන් පසුව ඉඩම් හිඟ වෙන්න පටන් ගත්තා. 1976 විවෘත ආර්ථිකයත් සමග අපිට ඒවාගේ බලපෑම් එන්න පටන් ගත්තා දේශපාලනය යම් යම් තීන්දු තීරණය මත ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සෑම දෙයක් කෙරෙහිම යොමු වුණා .

හයිවේ එකට කොච්චර මුදල් ආවද අමුද්‍රව්‍යාවද කොච්චරක් වැය කරාද ? ඒ මුදලින් මුළු රටේම හයිවේ හදන්න තිබුනා . වැලි සිමෙන්ති කළුගල් යකඩ ප්‍රධාන වශයෙන් ගත්තේ අපේ රටෙන් . ඒවා ගනිද්දි කොච්චර පරිසරයට හානි වුණාද ? සංවර්ධන ව්‍යාපෘති ඕනේ . නමුත් ඒවා කරන ක්‍රමවේදයක් තියෙනවා .

ඉන්දියාවේ තමිල්නාඩුවේ ඩෙල්ටාවක තියෙන කාමරි ගඟේ ඇති තරම් වැලි තියෙනව . පුළුවන්නම් ක්‍රමවේදයක් නැවු මගින් වැලි ගේන්න . සාමාන්‍යයෙන් රටේ වැලි කියුබ් එකක් 25000ක් විතර වෙද්දි රුපියල් දෙදහක් වගේ අඩු මුදලකට වුනත් සපයන්න පුළුවන් වෙයි . මේ යෝජනාවට සමහර අය හිනාවෙන්න පුළුවන් . නමුත් අපේ රටේ පරිසරය ගැන හිතනවනම් ඒක හොඳ ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ .

බලන්න අපේ රටේ ප්‍රධාන ගංගා ඔය අතු ගංගා ආදී සියලූම ගංගාධාරවල රිෂිවේෂන් ටික පහුගිය කාලේ හිතුමනාපෙට ඉදිකිරීම් ඉදිකළා . කැබිනට් ඇමතිවරු , මන්ත්‍රීවරු ගල් වලවල් වල අයිතිකාරයෝ වුණා. ඔවුන්ගේ අනුගාමිකයන් මේවා පවත්වාගෙන ගියා . ලංකාව වටේම කළු ගල් කැඩුවා. වැලි නිදි ටික කැපුවා විකිණුවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය නිකවැරැටිය පාලමෙන් මෙහාට වැලි නිදි ඇති කෙරුවා . දෙපසින්ම කැඩෙන්නට ඉඩ හැරියා වැලි පිරෙන්න පිරෙන්න මේ අය වැලි ගොඩ දැම්මා . දැන් මොකද වෙලා තියෙන්නේ? මුහුදු වතුර රට මැදට ඇවිත් .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාතලේ මහනුවර මායිමේ කඳු මුදුන් ටික මහනුවර ප්‍රධාන පෙළේ දේශපාලකයන් කපලා ගල් කොරි දැම්මා . ඒ කඳු වැටි ඊට පස්සේ නාය යන්න ගත්තා .

උමා ඔය , වලවේ ගඟ , මේ සෑම දෙයක්ම ගැන හොයා බැලුවොත් , අවසානයේදී නතර වෙන්නේ පාරිසරික හානි කියන තැනින් . මේ සියල්ලටම වගකිවයුත්තෝ 1978න් පස්සේ මේ රට පාලනය කළ දේශපාලකයෝ . පහුගිය වසර තිහක් ගත්තාම , හිටපු පාලකයන් විද්වතුන්ගේ සහ විශේෂඥ දැනුම , නොසලකා හැරියා . පරිසරය ගැන තැකීමක් කළේ නෑ .

මට මතකයි 1988-89 කාලේ නිකවරටිය කඩිගාව ප්‍රදේශයට මනුස්සයෙක් කරත්තයකින් ඇවිත් වතුර ගන්නවා . ඒ වතුර ෆිල්ටර් වලට යොදාගන්නයි ඉස්සර ඔය පාවිච්චි කලේ ඒ විදිහට .

ගංගාධාරවල කැලෑ , කුබුක් උණ වෘක්ෂලතා ඒවා විනාශ කළා. ගංදෑල හෝදගෙන ගියා. ආරක්ෂිත කලාපය රිසිවේෂන් එක අද දකින්නට නෑ 1978න් පස්සේ ඒවා සියල්ල මිනිස්සු ආක්‍රමණය කළා . ලංකාව වටේම ජල තලයකින් වැසී යන්න මේවා හේතු වුණා .

වයඹ පළාත යටවෙන්න ප්‍රධානතම හේතුවක් දැදුරු ඔය . දැදුරු ඔය ජලාශයේ පිරෙව්වාම ඔක්කොම ආපස්සට ගහනවා . ඒක නතර කරගන්න නම් වාන්දොරටු අරින්න ඕනේ . මේවා ඉදිකරන්න සැලසුම් හදද්දි අදාල නිලධාරියාට මම කරුණු පැහැදිලි කළා . එතකොට ඔහු කිව්වේ කරන්න දෙයක් නෑ අපි මේ වෙද්දි සියල්ල සැලසුම් කරලා ඉවරයි කියලයි . අද කවුද ඒකෙන් වන්දි ගෙවන්නේ .

මේ වන විට කතාබහට ලක්වෙලා තියෙනවා රටෙහි ඇතිවුණු ආපදා තත්ත්වය මඟ හැරව ගන්න කලින් මිනිසුන් දැනුවත් කරානම් හැකියාවක් තියෙනවා කියලා. නමුත් , අපි

සැටලයිට් ඡායාරූප බලනවා නමි , නොවැම්බර් මුල සිට සාමාන්‍යයෙන් වියළි තත්ත්වයන් දිගටම දක්නට ලැබුණා . එය කිසිම කෙනෙක් පිට දාන්න බැහැ. සුළඟ කියන දේ නිතරම සංසරණය වෙනවා. වර්ෂාව ඇතිවීම එය වෙනත් තැනකට යාම කියන කාරණාවට සුළඟ බලපානවා. ඒ අනුවයි සුළි කුනාටුවක් සම්බන්ධව වුණත් කාලගුණය අනාවැකි කියන්න උත්සහ කරන්නෙ . ඒ සඳහයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්නෙ . නමුත් ,

මට සැකයක් තියෙනවා අවශ්‍ය තරම් කාලගුණ අනාවැකි කියන්න තරම් අපේ රටේ අවශ්‍ය උපකරණ තියෙනවද කියලා. මීට වසර විස්සකට පෙර ඩොප්ලර් යාත්‍රාවක් ස්ථාපිත කරන්න කටයුතු කළා . මිලියන ගානක මුදලක් අපතේ යවලා එය ස්ථාපිත කළේ නැහැ නමුත් ඉන්දියාවේ කාලගුණ අනාවැකි ත් පරිහරණය කරමින් යම් යම් තීරණවලට එනවා .

එහෙම බලනවා නම් , දැන් නඩු දැමිය යුත්තේ , අවුරුදු විස්සක් පුරාවට ලංකාවට ගෙනාව ඩොප්ලර් රේඩර් පද්ධතිය ස්ථාපිත නොකර , එය විනාශ වීමට ඉඩ හරිමින් මිලියන දහක් නෙවේ දෙදහක් පමණ මේ වනවිට විනාශ වීමට ඉඩ හැරිය අයටයි . මොකද , සුනාමියෙන් පස්සේ ඕක අපේ රටේ ස්ථාපිත කරන්න ඕනෑය කියලා විශාල මුදලක් වැය කරපු එකක් .

ඩොප්ලර් යන්ත්‍රයක් (විශේෂයෙන් ඩොප්ලර් රේඩාර්) යනු චලිතය හඳුනා ගැනීමට සහ ප්‍රවේගය මැනීමට ඩොප්ලර් ආචරණය භාවිතා කරන උපකරණයකි. දේශගුණය සහ කාලගුණ විද්‍යාවන්හි, ඩොප්ලර් රේඩාර් වර්ෂාපතනය, සුළං ක්ෂේත්‍ර සහ කුණාටු ගතිකය පිළිබඳ අධි-විභේදන දත්ත සපයන අතර එය කාලගුණ අනාවැකි සහ දිගු කාලීන දේශගුණික රටා විශ්ලේෂණයට සහාය වෙනවා .

දිගු කාලීන වර්ෂාපතන වාර්තා රේඩාර් නිවැරදි වර්ෂාපතන ව්‍යාප්තිය , නියඟ අධ්‍යයන ,ගංවතුර පුරෝකථනය ,සෘතුමය වර්ෂාපතන රටා , ශ්‍රී ලංකාවේ මෝසම් විශ්ලේෂණය , කරන්න පුළුවන් .

කුණාටු සංඛ්‍යාතය, සහ තීව්‍රතාවය ඩොප්ලර් රේඩාර් ලේඛනාගාරය දශක ගණනාවක කුණාටු මාර්ග , සුළං වේගය,වර්ෂාපතන තීව්‍රතාවය , දේශගුණික විපර්යාස හේතුවෙන් කුණාටු නිතර නිතර දරුණු වෙමින් තිබේද යන්න මේවා පෙන්වනවා .

සුළි සුළං නිරීක්ෂණය , ඩොප්ලර් රේඩාර් ධාවන පථය: • සුළි සුළං ඇස • සුළං ක්ෂේත්‍ර • වර්ෂාපතන කලාප මේවා ඉන්දියන් සාගර කලාපය සඳහා දේශගුණික ආකෘති වැඩිදියුණු කරයි.

ඩොප්ලර් යන්ත්‍රයක් (විශේෂයෙන් ඩොප්ලර් රේඩාර්) යනු චලිතය හඳුනා ගැනීමට සහ ප්‍රවේගය මැනීමට ඩොප්ලර් ආචරණය භාවිතා කරන උපකරණයකි. දේශගුණය සහ කාලගුණ විද්‍යාවන්හි, ඩොප්ලර් රේඩාර් වර්ෂාපතනය, සුළං ක්ෂේත්‍ර සහ කුණාටු ගතිකය පිළිබඳ අධි-විභේදන දත්ත සපයන අතර එය කාලගුණ අනාවැකි සහ දිගු කාලීන දේශගුණික රටා විශ්ලේෂණයට සහාය වේ.

සුළං දිශාව , සුළං වේගය , සිරස් සුළං කප්පාදුව මෙය අධ්‍යයනයන්ට සහාය වේ. මෝසම් වෙනස්කම් . මුහුදු සුළං රටා , වායුගෝලීය සංසරණය ,වැනි දේවලුත් ඩොබ්ලර් රේඩාර් පද්ධතියකින් ආවරණය වෙනවා .

පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ඒවා දේශගුණයට අදාළ ව්‍යසන අඩු කරයි. තද වැසි , හදිසි ගංවතුර , නායයෑම් , සුළි සුළං යනාදියෙහි තොරතුරු විශ්ලේෂණයට උපකාරී වෙනවා .

මේවා පරිහරණය කිරීම පිළිබඳව දැනුමත් අපේ රටට අවශ්‍යයි . අඩුම තරමින් අපේ ආසන්නතම රට ඉන්දියාවට හෝ යවලා අපේ නිලධාරීන්ට ඒ පුහුණුව ලබාදිය යුතුයි . නිකන් යන්ත්‍රයක් විතරක් ස්ථාපිත කරල වැඩක් නෑ . දැන් ජපානයේ මැදිහත්වීමෙන් පුත්තලම ප්‍රදේශයේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ඉදිකිරීමට ආරම්භ කරලා තියෙනවා . ඒ වගේම අඩි පන්දහසට වැඩි භූමිවල ඉදිකිරීම් පිළිබඳව ජනාධිපතිවරයා කතා කරනවා . ඒක හොඳ දෙයක් . බ්‍රතාන්‍ය පාලනය කාලේ අපේ කඳුකර ප්‍රදේශයේ වගා කළා. නමුත් ඒ අය සෑම පාරකටම , ජල මාර්ගයකටම , ඍෂිවේෂන් එකක් තැබුවා . අද ඒවා කෝ . මේ සියල්ල පරිහරණය කරන්න දේශපාලනය බලපෑවා . ඒවායෙහි අතුරු පල අද අත්විඳිමින් ඉන්නවා .

දැන් නඩු දැමිය යුත්තේ , 78න් පස්සේ පරිසරයට හානි කළ පුද්ගලයන්ට වගේම , අවුරුදු විස්සක් පුරාවට මහජන මුදල් අපතේ යවමින් ඩොප්ලර් රේඩර් පද්ධතිය ස්ථාපිත නොකළ අයට නෙවෙයිද , එයින් අපේ රටට වැඩක් තිබුණත් නැතත් , දැන් සිද්ධ වෙලා තියෙන්නේ, මහජන මුදලක් , විනාශ වීමක් . මිලියන දෙදහක් පමණ මේ වනවිට විනාශ වෙන්න ඉඩ හැර ලා . මොකද , සුනාමියෙන් පස්සේ ඕක අපේ රටේ ස්ථාපිත කරන්න ඕනෑ ම කියලා සැලසුම් කළ අය විශාල මුදලක් වැය කරන්න ඉඩ ඇරලා දැන් නිහඬව ඉන්නවා .

ඒ වගේම තමයි , ඉදිකිරීම් කටයුතු වලට අර මම කීව ඉන්දියාවේ කාමෙන් ගඟේ වැලි නැවුම් මගින් ගේන්න පුළුවන් නම් , මේ රටේ පරිසර පද්ධතියට වෙන හානිය අවම කරගන්න පුළුවන් .

මට අහඹු ලෙස අවස්ථාවක් ලැබුණා. බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී බදුල්ලේ කන්දක් මුදුනේ පන්සලක් හැදීම සම්බන්ධව කතා කරන්න . එතකොට එහි මහ ඇමතිවරයා විදිහට හිටියේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ා මන්ත්‍රී චාමර සම්පත් . එදා ඒ දේශපාලකයන් වගේම නිලධාරීන් දැනුවත් වුවත් , ඒවා නතර කිරීමේ හැකියාවක් ලැබුණේ නෑ . ඒ නිසා නීතියක් ගෙනා යුතුයි . ඉහළ කඳු මුදුන්වල පන්සල් පල්ලි කෝවිල් හෝටල් හැදීම තහනම් කරලා .

මහා පරිමාණ භූ කම්පනයක් සිදුවුණොත් , ඔය කතා මොකුත් නැහැ ඒවට උත්තර ලැබෙනවා .

කොටසක් මහා පරිසර හානි කරද්දී , අනිත් අය මේවා නිහඩව බලාගෙන හිටියා . මේ නිසා කාලගුණික තත්ත්වයන් වෙනස් වෙලා .

එතකොට මධ්‍යම කඳුකරයේ කුඩා ජල විදුලි බලාගාර පිළිබඳව අපි බලන්න ගියා . මහාචාර්ය අයිවන් සිල්වා සමග . එතකොට අපි දැක්ක දෙයක් තමයි පුංචි කඳු ගැට කපලා බට ලයින් දානවා . මේවා නිසා ධ්‍යම කඳුකරයේ භූ රූප වෙනස් වෙනවා . දේශගුණික තත්ත්වයන් වෙනස් වෙනවා . මේ සියලු ක්‍රියාකාරකම් මේ ආපදාවට හේතු වුණා කියන එක පැහැදිලියි .

ඒ විතරක් නෙවෙයි , මේ පාරිසරික හානියට වග කිව යුතු දේශපාලකයන්ගේ අඩුම තරමේ පහුගිය වසර දහයක පහළොවකවත් කළුගල් කඩන්න , වැලි කැනීම් කරන්න බලපත්‍ර ලබාගත් , දේශපාලකයන්ගේ වත්කම් පවා සොයා බලා , ඊට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම් හොඳයි කියලයි මගේ අදහස .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *