ජනතාවට සහන සැලසීමට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව දෙසැම්බර් 18 පාර්ලිමේන්තුවට

ආපදා තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමට වෙන් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව මේ මස 18 වෙනි දා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ඊයේ (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඉදිරි වර්ෂයේ දී ආපදා සහන කටයුතු සඳහා මෙම පරිපූර්වක ඇස්තමේන්තුව සම්මත කර ගන්නා බව අමාත්‍යවරයා සදහන් කළේය .

ආපදා තත්ත්වයෙන් හානියට පත් වූ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට , නව නිවාස ඉදි කිරීමට මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් කළ අමාත්‍යවරයා , එය එළඹෙන 18 වෙනිදා ඉදිපත් කරන බවත් 19 වෙනිදා විවාදයට ගෙන එදින සවසම එය සම්මත කර ගන්නා බවද පැවසීය

END/GONP/MMP/17122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *