“දිට්වා” හේතුවෙන් අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට කර්මාන්ත දැවැන්තයින් රජය හා අත්වැල් බැඳ ගනී
“දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් අඩපණ වු මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත කඩිනමින් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය වැඩසටහන IRFP Industry Recovery Foster Program හා එම කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP Industry Development Foster Program පිළිබඳ මූලික සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ පුමුඛ පෙළේ ආයතන කිහිපයක් වන Toyota Lanka, Tokyo Cement, MAS Holdings, Brandix Lanka, Aitken Spences, Expo Lanka Holdings, John Keels Holdings, Ceylon Agro Industries, The Disel and Motors Engineering, Unliver Srianka, Prima Ceylon, Nestle Lanka, Hemas Holdings, Browns, CBL, Cargills හා සම්බන්ධ වේ.
මෙහිදී නිෂ්පාදන, ඉංජිනේරු, හා ප්‍රවාහන හැකියාවන් සහිත ආයතන වලට කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ලබා දීම සිදු කළ අතර මෙවැනි ආපදා අවස්ථාවක පුද්ගලික අංශය වශයෙන් සහයෝගය ලබා දීම පිළිබඳ ව කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් ස්තුතිවන්ත වන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
මේ වන විට ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ ව දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් කර්මාන්ත අමාත්‍යාංශය දියත් කර ඇති අතර එම මධ්‍යස්ථානය වෙත මේ වන විට ඇතුළත් වී දත්ත ප්‍රමාණය නැතහොත් විමසීම් ප්‍රමාණය 16476ක් වේ . එහි ආපදාවට පත් ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර 6688ක්, සුළු පරිමාණ ව්‍යාපාර 5625ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 3642ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 521ක් ඇති බවට වාර්තා වී ඇත.
ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට “0712666660” යන දුරකථන අංකය හඳුන්වා දී ඇත. එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටි.
මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැක.
අවශ්‍ය සහයෝගය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ද ලබාගත හැක.
ඒ අනුව බිඳවැටුන මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණික හා කළමනාකරණ සහාය මෙම ආයතන විසින් ලබා දීමට නියමිතයි.
මෙම අවස්ථාවට ලංකාවේ පුමුඛ පෙළේ ආයතනවල සභාපතිවරු, විධායක අධ්‍යක්ෂකවරු හා ඔවුන්ගේ නියෝජිතයන් සහභාගී වූහ.
END/GONP/MMP/15122025
