බිඳ වැටුණු ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට – නිශිකා හංසනී

දිවයින පුරා ආපදාව හේතුවෙන් බිඳවැටුණු ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර කියා සිටියේ හානියට පත් ජල මීටර වෙනුවට නව ජල මීටර මුදල් අයකිරීමකින් තොරව ලබාදීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, හානියට පත් වාරි පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඉදිරි කන්නයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි ලබාදීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. එල්. සූරියබණ්ඩාර කියා සිටියේ ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව අදාළ ප්‍රතිස්ංස්කරණ කටයුතු මේ වනවිට සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *