කෘත්‍රිමව මී පැණි සැකසූ අයෙක් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා

පාන් පිටි හා සීනි යොදාගෙන කෘත්‍රිමව මී පැණි සැකසූ අයෙක් පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු සන්තකයේ තිබී කෘත්‍රිමව සකස්කළ මී පැණි ලීටර් 30 ප්‍රමාණයේ කෑන් 25ක්, ලීටර් 100 ප්‍රමාණයේ බැරල් 2ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

පොලීසිය නිවසට යන විටත් ඔහු නිවසේ මී පැණි සකස්කරමින් සිට තිබේ.

සීනි, පාන් පිටි සහ තවත් රසායනික ද්‍රව්‍ය යොදා මෙම මී පැණි සකසා ඇති බවත්, ඒවා කොළඹ හා ගම්පහ ප්‍රදේශවල ආයුර්වේද ඔසුසැල්වලට අලෙවිකර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *