ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවෙයි
ජපානයේ වෙරළ තීරයට ඔබ්බෙන් මැග්නිටියුඩ් ඒකක 7.2 ක භූමිකම්පාවක් හටගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ බව ජපාන භූ විද්‍යා ආයතනය විසින් වාර්තා කර තිබුණා.
ජපාන රාජ්‍ය මාධ්‍ය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවට ද වාර්තා කර තිබෙනවා.
මීට ටික වේලාවකට පෙර (2025.12.08)සිදුව ඇති මෙම භූ කම්පනය ජපානයේ මිසාවා නගරයට ඊසාන දෙසින් මැග්නිටියුඩ් ඒකක 7.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් බවයි අමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසන්නේ.
ජපානයේ පැසිෆික් වෙරළ තීරයට මීටර් 3 ක් (අඩි 10) දක්වා උසැති මුහුදු රළ සහිත සුනාමියක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ඒජන්සි අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
