ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල් මිලියන 3.25 ක පරිත්‍යාග කරයි

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට සහාය වීම පිණිස, රුපියල් 3,250,000.00 ක මූල්‍ය දායකත්වයක් ලබාදුන් අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඊයේ (දෙසැ. 03) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී එම මුල්‍ය පරිත්‍යාගය විධිමත් අයුරින් භාර ගන්නා ලදි.

තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලේ සභාපති නොයෙල් ජෝසප් මහතා විසින් මෙම පරිත්‍යාගය පිරිනමන ලදි. තර්ස්ටන් විද්‍යාලයීය භාර අරමුදලින් රු. 2,250,000.00 ක් සහ ඕස්ට්‍රේලියාවේ සිටින තර්ස්ටන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මුල්‍ය දායකත්වයෙන් රු. 1,000,000.00 ක්ද ඇතුළුව ලබාදුන් මෙම මුල්‍ය දායකත්වය ඔස්සේ ජාතික සුබසාධනය හා ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් වෙනුවෙන් තර්ස්ටන් විද්‍යාලීය ප්‍රජාවේ ඇති ශක්තිමත් සාමූහික කැපවීම විදහා දක්වයි.

මේ වන විට රට පුරා ක්‍රියාත්මක ආපදා සහන සහ කළමනාකරණ මුලපිරීම් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් මෙම කාලෝචිත හා අර්ථවත් සහයෝගය සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළ අතර, පරිත්‍යාගශීලීන්ගේ ත්‍යාගශීලීත්වය සහ ජාතික හැඟීම ද පැසසුමට ලක් කළේය.

END/GONP/MMP/04122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed