විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොළ වාරිකයක්!

විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මුළු දිවයිනට ම බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු අපහසුවෙන් තොර ව නැවත ආරම්භ කිරීම අරමුණු කර ගෙන මීට පෙර පසුගිය 28 වනදා මහපොළ වාරිකයක් ගෙවීමට කටයුතු කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව ගෙවීමට තීරණය කළ මහපොළ වාරිකය එළැඹෙන 05 වනදා, එනම් හෙට ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරනු ලැබේ.

END/GONP/MMP/04122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed