ආපදා සහන සේවාවන්ට බාධා නොකරන්න -ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම්!

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව පවුල් 4 07594 කට අයත් පුද්ගලයන් 1,466,615 ක් පීඩාවට පත් වී ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිසි මුණසිංහ මහතා පවසයි.

ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ  ඊයේ , දෙසැම්බර් (02) දා පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඒ් මහතා මේ බව පැවසීය.

මේ වනවිට පුද්ගල මරණ 410ක් වාර්තා වී ඇති බවත් පුද්ගලයින් 336 ක් අතුරුදහන්ව නිවාස 565ක් සම්පූර්ණයෙන් විනාශ වී කොටස් වශයෙන් හානි වූ නිවාස 20,271ක් වාර්තා වී ඇති බවත් ඒ් මහතා වැඩිදුරටත් සඳහන් ක‌ළේය.

මෙම ආපදා අවස්ථාවේදී ජනතාව ඉතා වගකීමෙන් හැසිරෙන ලෙසත් රණවිරුවන් ඇතුලු ආපදා සහන සේවා නිලධාරීන්ගේ කටයුතුවලට බාධා නොවන ලෙසින් කටයුතු කරන ලෙසත් අවධෘරණය කළේය.

මේ වනවිට UNICEF UNDP WFP FAO වැනි ජාත්‍යන්තර සංවිධාන රැසක් ශ්‍රී ලංකාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් ඒ් මහතා ශ්‍රී ලංකාවේ පෞද්ගිලක ආයතන රැසක් මහා පරිමාණයෙන් සහය දැක්වීමට ඉදිරිපත් වී ඇති බවද සඳහන් කළේය.

මෙම ගතවන්නේ පශ්චාත් ආපදා අවස්ථාවක් බව සඳහන් කළ ඒ් මහතා තවදුරටත් ආපදා තත්වය පහව ගොස් නැති බැවින් දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

END/GONP/MMP/03122025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed