විපතට පත් ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක්!

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි මහතා විසින් ඊට අදාළ චෙක්පත ඊයේ, දෙසැම්බර්  (02) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දෙන බව මෙහිදී පැවසූ බෝරා ප්‍රජාවේ නියෝජිතයෝ, විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් ඒ වෙනුවෙන් කෘතඥතාවද පළ කළහ.

END/GONP/MMP/03122025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed