දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ , දෙසැම්බර්  (02) පෙරවරු 6.00 ට නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව පවුල් 382,651 කට අයත් පුද්ගලයන් 1,373,899ක් ආපදාවෙන් පීඩාවට පත්ව ඇති බව දැක්වේ.

මේ වනවිට පුද්ගලයන් 390 දෙනෙකු මිය ගොස් 352 දෙනෙකු අතුරුදන්ව ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

තවද දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක් පිහිටුවා ඇති අතර ඒවායේ පවුල් 57,790කට අයත් පුද්ගලයන් 204,597ක් ආරක්ෂීතව සිටින බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 88කි.බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 82ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 75ක් වාර්තා වී ඇත.

තවද දිස්ත්‍රික්ක 7කට නාය යාම් සම්බන්ධව ඉවත් වන ලෙස රතු නිවේදන නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල , කොළඹ , මහනුවර , කෑගල්ල, කුරුණෑගල , මාතලේ සහ නුවරළියයි.

END/GONP/MMP/03122025

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *