නැවත පාසල් ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක්!
නැවත පාසල් ආරම්භ කරන දිනය දෙසැම්බර් 16 ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එම දිනය මේ දක්වා වෙනස් කර නොමැති බවද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා දෙසැම්බර් දෙවෙනි දා එනම්, ඊයේ (02) නිවේදනය කරයි.
කෙසේ වුවද තත්ත්වය සමාලෝචනය කර පාසල් ආරම්භ කරන දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවද අවධාරණය කරයි.
END/GONP/MMP/03122025
