පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මාර්ගෝපදේශ සංග්‍රහයක්

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට සහන සැලසීමට අදාළව භාණ්ඩ,වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ අත්පොත -2024 හි සඳහන් 3.1.8 අනුව කටයුතු කරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

ප්‍රාදේශිය ලේකම්වරයෙකුට මාර්ගෝපදේශ සංග්‍රහයේ සහ අත්පොතෙහි 2.9 යටතේ දක්වා ඇති සිමාව වන රු.මිලියන 50 ක් දක්වා වූ අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කළ හැකි බව ප්‍රසම්පාදන කොමිෂම තමන්ව දැනුවත් කර ඇතැයි  භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්‍පෙරුම මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

තවද එම ප්‍රසම්පාදන කටයුතු කිරීම සඳහා ප්‍රදේශීය ලේකම්වරුන්ට ලබා දෙන රුපියල් මිලියන 50ක් දක්වා වූ මුදල වැය කිරීමට හැකිවන පරිදි මූල්‍ය බලතල ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරුන් කඩිනමින් කටයුතු කර යුතු බවටද එම නිවේදනයේ සඳහන්.

ආපදාවට පත් වී ඇති ජනතාවට සහන සැලසීමට තවදුරටත් දැරිය යුතු වියදම් වේ නම්, දිස්ත්‍රික්  ලේකම්වරුන් ඒ පිළිබඳව අවශ්‍ය බැඳීම් ඇති කර ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ගැලපිම් සිදුකර දීම සඳහා නොපමාව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශය මගින් භාණ්ඩාගාර ලේකම් දැනුවත් කරන ලෙසටත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

END/GONP/MMP/29112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed