ගම්පහ නගරය සහ ඒ අවට ප්‍රදේශයට ඉදිරි පැය 6 තුළ මහ ගංවතුර තත්ත්වයක්!

ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මෙම තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් හැකි උපරිම ආරක්‍ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟා වන ලෙසටත් එම දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

END/MMP/28112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *