ලංකාර 2025 ප්‍රදර්ශනයේ 2වන දිනයේ ආරම්භය කර්මාන්ත ඇමති ප්‍රධානත්වයෙන්
මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පවත්වන ලංකාර 2025 ප්‍රදර්ශනයේ 2වන දිනයේ ආරම්භය ඊයේ (22) කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වු අමාත්‍යවරයා , හපුවිඳ ලාක්ෂා ගම්මානය, සන්නාමයක් ලෙස ජාත්‍යන්තරයට ගෙනයාමේ වැදගත්කම සහ සංචාරක කර්මාන්තය සමග ඒ්කාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබදව අදහස් දැක්වුවේය.
තවද ලාක්ෂා කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරියේදී පුලුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබන බවත්, ඒ් සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ දායකත්වය තවදුරටත් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ප්‍රදර්ශනයේ විශේෂංගයක් ලෙස, ලාක්ෂා කර්මාන්තයේ නියුතු පාරම්පරික හස්තකර්මාන්ත ශිල්පීන් විසින් ලාක්ෂා කර්මාන්තයට කල දායකත්වය අගයමින් සම්මාන ප්‍රදානය කිරීම ද ගරු අමාත්‍යතුමා විසින් සිදුකරන ලදි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල මහත්මිය, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති, සිසිර අමරබන්දු මහතා ඇතුලු අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
