ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්!

දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ ප්‍රසාදය පළකරන බවත්, ඉදිරියටත් රජයේ සංවර්ධන ක්‍රියාවලියට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච්  මහතා  පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මේ මස 20 දා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා අතර අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති හමුවකදීය.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ඳයෙන් වන ජාතික මහලේකම් කාර්යාලය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීම පිලිබඳව නියෝජිත පිරිසේ ප්‍රශංසාව පළ කළ අතර ඉදිරියේදී රජයේ සංවර්ධන ක්‍රියාවලියට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ ක්‍රියාකාරිත්වය ඵලදායිව දායකකර ගැනීමට අවශ්‍යා පූර්ණ සහයෝගය ලබාදෙන බවද පවසා සිටියහ.

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් සම්බඳයෙන් සිදු කරන තත්ව විශ්ලේෂණ අධ්‍යනයේ තොරතුරු සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සුදුසු පියවරයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලාංකේය ආබාධ සහිත ප්‍රජාව සඳහා නව රැකියා උත්පාදන ප්‍රවේශයන් සහ අවස්ථා උත්පාදන පිළිබඳවද ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට ද සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් එකව සිටියහ.

END/GONP/MMP/22112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed