ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පුහුණු කෙරේ

“ප්‍රජාශක්ති”  දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් 18 සහ 19 දෙදින කිලිනොච්චියේදී පවත්වන ලදි.

මේ සදහා උතුරු පළාතේ සේවය කරන උතුරු  පළාත් සභාවේ නිලධාරීන්යාපනයකිලිනොච්චිවවුනියාමුලතිව්මන්නාරම් දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සහ එම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් 45 දෙනෙක් පමණ සහභාගී වූහ.

සෑම ගමකම ප්‍රජා සංවර්ධන සභා ස්ථාපිත කරමින් මෙම වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාවට නැංවෙන අතර මෙම  කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් වෙත පැවරී තිබේ

ඒ අනුවප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් විසින් දැන සිටිය යුතු කරුණුප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමසහ ප්‍රජා සවිබලගැන්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් වශයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් දැනුවත් කරන ලදි.

ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය සහ ග්‍රාමීය සංවර්ධනසමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරෙන අතර සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් 09ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

END/GONP/MMP/20112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *